හෙට සිට වැසි වැඩිවන ලකුණු

නොවැ 17, 2018

    වැසි තත්වයේ වර්ධනය වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපරභාගයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකියි.මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් ඉක්මවූ වැසි හට ගනු ඇති. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල ද තාවකාලිකව තද සුළං ද ඇතිවේ.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්වයක් පවතින බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් හටගනී.

    Latest News