“අබුසාලි මොහොමඩ් ෂාහිඩ්“ තවුහිද් ජමාත් නායකයාගේ සගයෙකු මාට්ටු

ජූලි 26, 2019

    නාවලපිටියේ දී අත් අඩංගුවට ගත් අබුසාලි මොහොමඩ් ෂාහිඩ් හෙවත් අබු සලාමා නමැත්තා හම්බන්තොට පිහිටි සහරාන්ගේ පුහුණු කඳවුරේ පුහුණුවලත් අයෙක් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.  

    පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

    “මේ පුද්ගලයා පෙරේදා අත්අඩංගුවට ගන්නවා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්. මේ පුද්ගලයාගේ නම අබුසාලි මොහොමඩ් ෂාහිඩ් හෙවත් අබු සලාමා සහරාන්ගේ කණ්ඩායම සමඟ හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුවීම් කර තිබෙන බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා. මොහුව මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන විමර්ශන සිදු කෙරෙනවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    සහරාන්ගේ තවත් සගයෙකු නාවලපිටියේදී CCD අත්අඩංගුවට (09.00)

    සහරාන්ගේ හම්බන්තොට කඳුවරක දී අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ. ඔහු පාස්කු ප්‍රහාර මෙහෙයු වූ සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු බව ද සඳහන් වේ. 25 හැවිරිදි මොහු ඊයේ (25) නාවලපිටියේ දී කොළම අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගවට තිබේ.

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 19:59

    Latest News