ප්‍රශ්න පත්‍ර සොරා ගෙන පොලිස් කූඩුවේ

ජූලි 26, 2019

    මස්කෙළිය විද්‍යාලයක දෙවන වාර විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍ර සොරා ගැනීමේ සිද්ධියක් වාර්තාවේ.

    හැටන් කළාප අධ්‍යාපන කාර්යාලයට අයත් මස්කෙළියේ දෙමළ විද්‍යාලයක විදුහල්පති කාමරයේ අල්මාරිය කඩා එහි තිබූ දෙවන වාර විභාගයට අදාළව ඉදිරියේදී පැවැත් වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර සොරා ගැනීමේ සිද්ධියක් වාර්තවේ. ඒ සම්බන්ධයෙන් එම විදුහලේ සිසුන් දෙදෙනෙකු මස්කෙළිය පොලීසිය විසින් සැකපිට ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

    විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම විදුහලේ එකොළොස්වන වසර අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එයින් එක් සිසුවෙකුගේ නිවසේ තිබී ප්‍රශ්න පත්‍ර 09 ක් සොයා ගත් බවත් පොලීසය පවසයි.

    දෙවන වාර විභාගයට අදාළ සියලු ප්‍රශ්න පත්‍ර විදුහල්පති කාමරයේ අල්මාරියක තැන්පත් කර තිබියදී මෙම සිසුන් එහි දොර කඩා ප්‍රශ්න පත්‍ර සොරා ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ.

    ප්‍රශ්න පත්‍ර අතුරුදන්ව තිබෙන බව දැන ගැනීමෙන් පසු විදුහල්පතිවරයා ඒ පිළිබඳ පාසල තුළ විමර්ශනයක් කර ඇත. අතුරුදන්ව තිබෙන ප්‍රශ්න පත්‍ර අදාළ වන පන්තිය හා විෂය අනුව සිසුන් වෙන් කර ප්‍රශ්න කිරීමේදී සිසුන් දෙදෙනෙකුගේ හැසිරීම සැක සහිත වීම නිසා ඒ පිළිබඳ විදුහල්පතිවරයා පොලීසියට පැමිණිලි කර තිබේ.

    එම සිසුන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු එක් සිසුවෙකුගේ නිවසේ සඟවා තිබී විදුහල්පති කාමරයෙන් අතුරුදන්වූ ප්‍රශ්න පත්‍ර 09 ක් පොලීසිය සොයා ගෙන ඇත. මෙම සිසුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

    Latest News