බුත්තල සත්පෝරුව ‍රාජ මහා විහාරස්ථානයේ නිදන් සෙවූ දෙදෙනකු මාට්ටු

ජූලි 26, 2019

    බුත්තල සත්පෝරුව ‍රාජ මහා විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය හරා නිදන් සෙවූ පුද්ගලයන් දෙදෙනකු දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය දෝනාවක් ආකාරයෙන් සූක්ෂම ලෙස හාරා නිදන් සොයා ඇත. ඔවුන් චෛත්‍ය තුල අඩි ගනනක් මෙම දෝනාව හාරා පසුව ඉතා සූක්ෂම ලෙස ලෑලි අතුරා වසා දමා ඇති බව පොලිසිය පවසයි. මේ පිළිබඳව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිලි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම චෛත්‍ය විනාශ කිරිමට පෙර අසල නිවසක සුනඛයන් හත් දෙනෙකුට ද වසදී මරා ඇති බව වාර්තාවේ.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත් වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සත්පෝරුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. ඔවුන් අවුරුදු තිස් හතර සහ තිස්හය යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් විමර්ශන සදහා බුත්තල පොලිසිය වෙත භාර දී තිබේ. වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් පසු අගොස්තු අට වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.

    දේවානම්පියතිස්ස රජු සමයේ ඉදිකල ඉපැරැණි විහාරස්ථානයක් වන අතර ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ වාසය කරන ඉපැරැණි විහාරස්ථානයකි

    Latest News