අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
රට තුළ පවතින දේශපාලන ගැටලූකාරි තත්ත්වය ඉදිරියේ දී නිරාකරණය වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ද කියා සිටියේය.
එමෙන්ම සියලූ රාජ්‍ය නිලධාරින් අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව ඉදිරියට ද සිය වගකීම් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට පැමිණිලි ඉදිරිපත් වී නොතිබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.
අමාත්‍යාංශවල කටයුතු කරගෙන යාමේ දී මතුව ඇති ගැටලූ කිහිපයක් පිළිබඳව මෙහි දී අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමාප්රකාශ කළේ අද මෙම සාකච්ඡාවේ දී ලබා දුන් විශේෂ උපදෙස් ලෙස බාධාවකින් තොරව එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙසයි.
වරාය, විදුලිය, පෙට්‍රෝලියම්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා කිසිදු ගැටලූකාරී තත්ත්වයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේ ඒවාට අදාළව අද දවසේ ගතයුතු තීන්දු තිරණ නියමිත පරිදි නොගතහොත් තවත් මාස 03,04 කින් රටක් වශයෙන් ගැටලූ රැසකට මුහුණදීමට සිදු වනු ඇති බවයි.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇතුළු ජනතා සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක රජයේ ප්රමුඛ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ද මෙහි දී රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා එම කටයුතු අධීක්ෂණය කරන ලෙස තමා ආණ්ඩුකාරවරුන් වෙත ද උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කළේය.
ප්‍රමාණවත් වර්ෂාපතනයක් මේ වන විට රටට ලැබෙමින් පවතින අතර වසර 04 නියඟය පහව ගොස් ලැබී තිබෙන එම වර්ෂාව ආශිර්වාදයක් කර ගනිමින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඇතුළු කෘෂිකාර්මික වැඩසටහන් සාර්ථක කර ගැනීමට කැප වන්නැයි ද රාජ්‍ය නිලධාරින්ට පැවසු ජනාධිපතිතුමා අදාළ විෂයභාර අමාත්‍යාංශවලට පමණක් සීමා නොවී සියලූ රාජ්‍ය ආයතන බේදයකින් තෙරව ඒ සඳහා එක්වීමේ වැදගත්කම පැහැදිළි කළේය.
අමාත්‍යාංශවල මූල්‍ය ප්‍රගතිය සහ දිස්ති‍්‍රක් වශයෙන් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය මෙහි දී සමාලෝචනයට ලක් කෙරුණු අතර, ඉදිරිපත් වු ඇතැම් ගැටලූ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අමාත්‍යාශ ලේකම්වරු වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.