1945 නොවැම්බර් 18 වැනිදා වීරකැටියේ උපන් එතුමා ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා, සහ කොළඹ තස්ටන් යන විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලැබුවා. කුඩා කළ සිට රුහුණේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන් පිළිබඳ වගකීම තමා වෙත පවරා ගත්තේ පියාගේ අභාවයත් සමගයි. 1977 දී ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයට ඇතුළත් වූ එතුමා 1970 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ, ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වාර්තාවක් තබමින්. කම්කරු, ධීවර අමාත්‍ය ධුර මෙන්ම විපක්ෂ නායක ධුරය ද ඉසිලූ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය හා ජනාධිපති ලෙස ද ජනතා සේවයට කැපවුණා. 1988 / 89 අවධිය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ජේදයක්.
එය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව පාද යාත්‍රා, මිනිස් දම්වැල් සහ ජනඝෝෂා පවත්වමින් දුර්ධාන්ත පාලනය අවසන් කිරීමේ පළමු පියවර තැබුවා. සියලුම අභියෝග පරදවමින් මව්බිම එක්සේසත් කිරීමේ වගකීම සිය දෙවුර මත තබා ගනිමින් දිගු දේශපාලන ගමන් මගකට ඔහු අවතීර්ණ වුණා. ඉන් පසු මාවිල්ආරුවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන ආරම්බ කෙරුණා. උතුරත් නැගෙනහිරත් ජය ගැනීමට රණවිරුවන්ට අවශ්‍ය දේශපාලන නායකත්වය එඩිතරව හා සෘජුව ලබා දීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරමුණ ගත්තා.
දශක තුනක් පුරා මව්බිම වෙලාගත් ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූයේ, යළි බෙදුම්වාදයකට ඉඩ නොතබමින්. එතැන් පටන් ආරම්භ වුණේ සංවර්ධන යුගයක්. මහින්ද රාජපක්ෂ නම් වූ මේ අද්විතීය නායකයා මධ්‍යස්ථ විදේශ ප්රතිපත්තියක පිහිටමින් පුංචි දිවයින නැගී සිට මහා රාජ්‍යයක් බවට පත් කිරීමේ දැවැන්ත අභියෝගය ජය ගත්තා.
ලොව දෙවැනි විශාලතම අන්තර්ජාතික සංවිධානයේ සභාපති ධුරය ද මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමිවුණා. අන්තර්ජාතික අභියෝග හමුවේ එතුමා නොසැලී සිටියේ තිරසාර නායකත්වයක සැබෑ ශක්තිය පෙන්නුම් කරමින්. ජාතික හා ආගමික සංහිඳියාව ගොඩනගන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමා කැපවී ක්‍රියා කළේ බුදු දහමින් උගත් මැදුම් පිළිවෙත අනුගමනය කරමින්. තම ඡන්ම භූමිය ආසියාවේ නැගී සිටින මහා රාජ්‍යයක් බවට පත් කිරීම පරම අභිලාෂය කරගත් එතුමා නිරන්තරයෙන් ජන හදවත් සංස්පර්ශ කළ සංවේදී නායකයෙක් වුණා.
2018 වසරේ දී පැවැත්වූ පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් එතුමාගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත්තා. අනතුරුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් එතුමා පසුගියදා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා. ඒ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා. කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම, ආයෝජකයන්ට හිතකර වාතාවරණයක් රටතුළ ඇති කිරීම, ජීවන වියදම අඩු කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගැනීම, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් යළි ස්ථාපනය කිරීම, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම යනා දී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා එතුමා මේ වන විටත් පියවර ගෙන තිබේ.