ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක අත්අඩංගුවට

අගෝ 04, 2019

    මෙරට තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොම්මදු ස්මයිල් මොහම්මද් සල්මාන්ව අද (04) අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ අයකු ලෙස මොහුව හඳුනාගෙන ඇත. මෙම තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මොහොම්මදු ස්මයිල් මොහම්මද් සල්මාන් අනුරාධපුර කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මොහු ඇතැම් ත්‍රස්තවාදී කටයුතු සඳහා අබු හන්ලාලා යන අන්වර්ත නාමයෙන් පෙනී සිට ඇති බව ද බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 20:14

    Latest News