අද දිනයේ සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතයි. ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අය ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.