හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව නීතිපතිගෙන් නඩු

අගෝ 07, 2019

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ සිරුරෙන් ලබා ගත් අස්ථි කොටස් කිහිපයක් අතුරුදහන්විමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරකොන්ට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්ට එරෙහිව මෙරට ඉතිහාසයේ මහාධිකරණයක් හමුවේ නඩු පැවරු ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැදින්විය හැකි බවයි නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නිතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සදහන් කර සිටියේ.

    වසීම් තාජුඩින්ගේ සිරුරෙන් ලබා ගත් අස්ථි කොටස් කිහිපයක් අතුරුදහන්විම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදුකල විමර්ශනයට අදාලව නීතිපතිවරයා මෙලෙස නඩු පැවරිමට කටයුතු කර තිබේ.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 15:13

    Latest News