මෙරට මෙන්ම විදේශීය රටවල ද එය සාර්ථකව අත්හදා බලා ඇති බව ඔහු පවසයි. පොල්, මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන අතර, වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,623ක්. වගාකර ඇති පොල් ඉඩම් අක්කර ප්‍රමාණය හෙක්ටයාර මිලියන හාර ලක්ෂ හතළිස් දහසක්. ඉතා උසස් තත්වයේ පොල් අපනයනය කරන ශ්‍රී ලංකාව ඉන් ලබන අදායම රුපියල් මිලියන අනූපන් දහසක් පමණ. රතු පොල් කුරුමිණි රෝගයෙන් මෙරට පොල් වගාවට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එය සියයට දෙකේ සිට සියයට පනහ දක්වා දෝලනය වේ.
පොල් ගස්වල බාහිරින් හානි වූ ස්ථානවල රතු පොල් කුරුමිණියා බිත්තර දමන අතර, ඉන් හටගන්නා කීටයන් පොල් ගසේ කඳ කා දමයි. මෙය හඳුනාගත නොහැකි වී ඇත්තේ, ගස මියයන තුරුම බාහිරින් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වීම නිසයි. ඊට පිළියමක් ලෙස හඳුන්වා දී ඇති “පර්මියා සෙන්සින් රෙඩ් ෆාම් වීවිල් ඩිටෙක්ටර්“ නව සංවේදකය මගින් පොල්ගස තුළ සිටින කුරුමිණියා හඳුනාගත හැකිවේ. පොල් පර්යේෂණ ආයතනය සමඟ එක්ව මෙය නිපදවා ඇත්තේ ලන්ඩන් ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන හසිත බණ්ඩාර සහ එහි ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර යන අය එක්වයි. පොල්ගස අභ්‍යන්තරයේ ශබ්ද පමණක් මේ සංවේදකයට ග්‍රහණය කර ගත හැකිවීම විශේෂත්වයක්.
මෙම නව තාක්ෂණය තවත් මාස තුනකින් මෙරට පොල් වගාවේ රතු කුරුමිණි උවදුර මර්දනයට යොදා ගැනීමට අපේක්ෂිතයි. හසිත බණ්ඩාර මැලේසියාවේ ෆාම් වගාවල රතු පොල් කුරුමිණියන් මර්දනයට මේ තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව ඉකුත් 14 වැනිදා සාර්ථක අත්හදා බැලීමක් සිදු කළේය. ඒ මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයේදී හා සයින් ඩාර්බි තාක්ෂණ ආයතනයේදී.