GMO වැඩ වර්ජනය අසාධාරණයි; වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන (වීඩියෝ)

අගෝ 17, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩ වර්ජනයකට බව, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි.

    සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, එම ක්‍රියාදාමය දේශපාලන හස්තයෙන් ක්‍රියාත්මක වන බවයි.

    “මේක පිටිපස්සේ යම්කිසි දේශපාලන පසුබිමක් අනිවාර්්‍යයෙන්ම තියෙනවා. එකක්වත් වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටලු පිළිබඳ ප්‍රශ්නවලට මේගොල්ලන් වැඩවර්ජනයක් දියත් කරනවානම් අපිත් ඒකට සහය දෙනවා. වැඩවර්ජනය කරන ක්‍රියාකාරී කමිටුවේ ඉන්නේ උදේට ඉස්පිරිතාලෙට පය තියන්නේ නැහැ. හවසර පෞද්ගලික සේවයේ. කිසිම සේවයක් මේ රටට කරන්න වෘත්තිය අයිතිවාසිකමක් දිනාගන්න රෝගීන්ට එරෙහිව වැඩවර්ජනය කරන්න අවශ්‍යනම් මොකටද වෛද්‍යවරුන්ට සංගමයක්. ඔය සංගමයේ ප්‍රබලම කෙනෙක්ගේ මුල්‍ය වංචාවක් පිළිබඳව වෙනත් විභාග වංචා පිලිබඳව මේ වෙද්දි විමර්ශන පැවැත්වලා ඒවයේ වාර්තා තියෙනවා. ඒ වාර්තා යටපත් කරගන්න මේගොල්ලන්ට වෘත්තිය සමිතිය පාවිච්චි කරන්න සිද්ධවෙලා තියෙනවා. වෛද්‍යවරු මෝඩයන් සේ සලකලා වැඩවර්ජන කරන්න එපා. මේ අවස්ථාවේ ජනතාව එක්රොක් වෙන්න අප වටා“ යැයි වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:21

    Latest News