ගස වැසු පාර ඇරෙයි

නොවැ 22, 2018

    හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයට නුග ගසක කොටසක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු වාහන ධාවනය නැවත යතා තත්වයට පත් කර තිබේ. 

    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු නුග ගසේ කොටස ලිදුල නගර සභාව, තලවකැලේ සහ ලිදුල පොලිස් ස්ථාන වල නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් එක්ව කපා ඉවත් කිරි ම සිදුකලේය.

    -------------------

    ගසක් නිසා පාර වැසෙයි - (9.40)

    හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ, මල්ලිඅප්පු ප්‍රදේශයේ විශාල නුග ගසක කොටසක් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා  පැමිණ තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද(22) අලුයම 5.00 ට පමණ.

    වසර 100ක් පමණ පැරණි මෙම ගසේ කොටසක කඩා වැටිමෙන් ඝණ දෙවි කෝවිලටද සුළු අලාභ හානි සිදු වි තිබේ.

    ප්‍රධාන මාර්ගය හරහා ඇද තිබු අධි බලැති විදුලි රැහන් පද්ධතියකට  සහ දුරකථන රැහන් පද්ධතියට ද  බරපතල අලාභ හානි සිදු වි ඇති අතර, තලවකැලේ ප්‍රදේශයට විදුලි බලයද ඇණ හිට ඇත.

    මෙම ගස කඩා වැටිම හේතුවෙන් සැහැල්ලු වාහන පමණක් දැඩි අසීරුතාවයෙන් එම ගස කඩා වැටුණු ස්ථානයෙන් ධාවනය කල අතර, එම මාර්ගයේ ගමන් ගත් රථ වාහන පැය තුනකට ආසන්න කාලයක් ඇණ හිට තිබුණි.

    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගසේ කොටස තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් සහ තලවකැලේ සහ ලිදුල පොලිසියේ නිලධාරින් විසින් කපා ඉවත් කිරිමට කටයුතු කර ඇත.

    03

    02

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 22 නොවැම්බර් 2018 12:38

    Latest News