නිරිතදිගට වැසි තත්ත්වයේ වැඩි වීමක්: ඇතැම් ප්‍රදේශවලට 100mm වැසි

අගෝ 28, 2019

    දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය වැහිවේ. අනුරාධපුරය දිස්ත්‍රික්ක තුළ සිහින් වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ. මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැක.

    ඌව පළාතේ, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News