නීති විරෝධි පන්න ක්‍රම වැළැක්වීම සඳහා අඛණ්ඩ වැටලීම්

සැප් 01, 2019

    මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව නීති විරෝධි පන්න ක්‍රම වැළැක්වීම සඳහා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ පැවති සාකච්ජාවකදී. ජලාශවල මත්ස්‍ය සම්පත සංවිධානාත්මකව කොල්ල කන බවට තොරතුරු වාර්තාවේ. ඒවා වැළැක්වීම සඳහා විශේෂ වැටලීම් ඒකක මගින් වැටලීම් සිදුකර නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ග්‍රාමීය ධීවර සංවිධාන පිහිටුවීම පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරුණු අතර, ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව එය ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබීය. ධීවර ගැටලුවලට ස්ථිර හා ක්‍රමවත් විසඳුම් ලබාදීමට මෙහිදී පියවර ගත් අතර, ධීවරයින් හා වෙළෙඳ පොළ අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

    මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කොට, මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට මේ වනවිටත් ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News