සරම්ප රෝගය තුරන් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

සැප් 06, 2019

    ශ්‍රී ලංකාව, සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් බවට වන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පිරිනමනු ලැබීය.

    ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුවේදීයි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත එම සහතික පිරිනමනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්‍රාපල් සිං මහත්මිය විසිනි.

    ඒ අනුව සරම්ප රෝගය තුරන් කළ 5 වැනි අග්නිදිග ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ක්‍රියාත්මක පුමුඛතා වැඩසටහනක් ලෙස 2014 වසරේ සිට මෙරට තුළ සරම්ප රෝග මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

    මෙරටින් අවසන් වරට සරම්ප රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදීයි.

    Latest News