ආච්චිට පහරදී පුටුවක බැඳ දැමූ බව මුණුබරාගෙන් ප්‍රකාශයක්

සැප් 12, 2019

    වටවල, රොසැල්ල විග්ටන් වතුයායේ නිවසේදි මිය ගියේ යැයි කියන වල්ලිඅම්මා රාගෙයි(81) නැමති එක්දරු මවගේ සිරුර සොයා පොලීසිය අදත් (12) වතු කම්කරුවන්ගේද සහයෝගය ඇතිව එම වතුයායේ මෙහෙයුමක් දියත් කර තිබුණි.

    රෝගාතුරව සිටි තම මව ඉකුත් 9 වැනි දින නිවසේදී මිය ගියේ යැයි පවසා මිය ගිය එක්දරු මවගේ මෘත දේහය ඇයගේ පුතා විසින් ත්‍රීරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් තිබේ. මිය ගිය එක්දරු මවගේ ලේලිය වන විශ්වා ගෞරවි නැමති තිදරු මව පොලිසියට හමුවේ පවසා ඇත්තේ රෝගාතුරව සිටි තම නැන්දණිය නිවසේ දී මිය ගිය බවත්, අවසන් කටයුතු සිදු කිරිමට තම සැමියා සතුව මුදල් නොමැති නිසා මෘත දේහය කැළෑවකට විසි කර දමන බව පවසා තම සැමියා තම 13 හැවිරිදි දෙවන පුතා සමග මෘත දේහය රථයක නංවාගෙන නිවසින් පිටව ගිය බවයි. එදින සිට තම සැමියා පිළිබඳව හෝ තම පුතා පිලිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවයි.

    නිවසේදි මිය ගියේ යැයි කියන එක්දරු මවගේ මෘත දේහය සොයා හැටන් පොලිසියේ සුනඛයෙකුගේ සහය ඇතිව පොලිස් නිලධාරින් සහ වතු කම්කරුවන් අද (12) දවස පුරා එම වතුයායේ යළිත් මෙහෙයුමක් දියත් කර තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින් මිය ගියේ යැයි කියන එක් දරුමවගේ බාල මුණුබුරා වන 8 හැවිරිදි ගෝපාල ක්‍රිෂ්ණන් සිසුවාගෙන් අද (12) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර එහිදි පාසල් සිසුවා පොලිසිය හමුවේ පවසා ඇත්තේ තම පියා, මව සහ අයියා විසින් ආච්චිට පොල්ලකින් පහර දි පුටුවක ගැට ගැසු බවත්, පසුව තම පියා ආච්චිව මල්ලක දමා ගෙන නිවසින් රැගෙන ගිය බවයි.

    වටවල පොලිසියේ නිලධාරින් විසින් මිය ගිය එක්දරු මවගේ ලේලියගේ සහයෝගයමත සැග වි සිටින බවට සැකකරන සැමියා සොයා ගැනිමට විශේෂ මෙහෙයුමක්ද මේ වන විට දියත් කර ඇත.

    එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ මෙය ඝාතනයක් බවත්, මිය ගිය 81 හැවිරිදි එක්දරු මවගේ බාල මුණුබුරා විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශය අනුව සැසදිමේදි මෙම ඝාතනයක් බවට සැක කල හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.

    මිය ගිය 81 හැවිරිදි එක්දරු මවගේ ලේලියගේ සහයෝදරයා තලවකැලේ වටගොඩ පදිංචි බවත්, ඔහු ත්‍රිරොද රථයක අයිතිකරුවෙකු බවත්, ඔහුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බව වටවල පොලිසිය පැවසිය.

    1 2

    1 5

    1 7

    1 8

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 16:37

    Latest News