තපෝවන විහාර මන්දිරය සඟ සතු කොට පූජා කෙරේ

සැප් 13, 2019

    රත්නපුර, කලවාන ප්‍රදේශයේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි කොක්කාවිට පරිවාර වනාන්තරය තුළ අභිනව විහාර මන්දිරයක් සහිත භාවනා මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ.

    අමාශාන්ති තපෝවන විහාර මන්දිරය ලෙස නම් කර ඇති එය, පසුගියදා සඟ සතු කොට පූජා කෙරිණ. විහාර මන්දිරය සහ භාවනා කුටි 4ක් එහි ඉදිකර තිබේ. ඊට වැයකළ මුදල රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක්. එම මුදල පරිත්‍යාගශීලි දානපතියන්ගෙන් ලැබී තිබේ. මෙම ස්ථානයට කිලෝ මීටර 8ක පමණ මහ වනය මැදින් වැටී ඇති දුෂ්කර මාර්ගයක පැමිණිය යුතුය. විහාර මන්දිරය සහ භාවනා කුටි සඟ සතු කිරීමට සමගාමීව සමාධි පිලිම වහන්සේට නේත්‍රා තැබීමේ මංගල්‍යය ද සිදු කෙරිණ. රාජකීය පණ්ඩිත රත්නපුර මිනිපුර අමාශාන්ති තපෝවන විහාරාධිපති අතිපූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සංවිධාන කර තිබිණ.

    Latest News