නීතිපතිගෙන් ඉතිහාස ගත වාර්තාවක්: අධි නීතීඥ නිශාරා ජයරත්න (විඩියෝ)

සැප් 21, 2019
  • නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ගත වූ කාල සීමාව තුළ නඩු ගොනු 10,093 ක වැඩ අවසන් කර ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

    නීතිපති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

    මහාධිකරණ අධිචෝදනා පත්‍ර 6695ක් මෙම මාස 8 හමාර තුළ යොමු කර ඇති බවත් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීම සඳහා පොලිස්ථානවලට නඩු 1778ක් සම්බන්ධයෙන් නීතිපති විසින් උපදෙස් ලබා දී ඇති බවත් ඇය කියා සිටි. තවද නිදහස් නියෝග නඩු 1533කට උපදෙස් ලබා දීමක් සිදුව ඇති අතර ළමා අපචාර නඩු 4924ක වැඩ අවසන් කර ඇත.

    මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම කාලය තුළදී ඉතිහාසගත වාර්තාවක් තබා ඇති බවත් ඇය සඳහන් කළාය.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 17:21

    Latest News