ශාන්ති පදනම එය සංවිධානය කලේය.
ජනාධිපතිතුමා කැප්පෙටිපොළ වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දක්වමින් පුණ්‍යාත්සවයට එක්වූ අතර, ගරු ස්වාමීන් වහන්සේලා උදෙසා උදෑසන දානය පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක්විය.
නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සිදුකළහ. වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ සිදුකළහ.
මහා සංඝරත්නය ද බුද්ධ ශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු සැදැහැවතුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.