ශ්‍රී ලංකා හමුදාව ගැන එ.ජා.යේ තීරණය යළි සළකා බලන්න; විදේශ ලේකම්

සැප් 29, 2019

    ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව යළි සළකා බලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

    ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ආරියසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ ලේකම් ජින් පියරේ ලක්වා මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ. මෙහිදී විදේශ ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාට ඔවුන්ගේ තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. එහිදී ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, දැනට ඉවත් කිරීමට තීරණය කර ඇති සංඛ්‍යාවට වඩා එම ප්‍රමාණය වැඩි නොකරන බවයි. දැනට ලෙබනනයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ මෙහෙයුම් අවසන් වූ පසු යළිත් ශ්‍රී ලංකා හමුදාවෙන් භට පිරිස් බඳවා නොගැනීමටයි තීරණය කර ඇත්තේ. එම ප්‍රමාණය සම්පූර්ණ සාම සාධක භට පිරිසෙන් 25%ක්. ශ්‍රී ලංකා හමුදාව 1960 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරතව සිටී.

    Latest News