පානදුර ගින්නකින් වෙළෙදසැල් 3ක් අළුවෙයි

නොවැ 26, 2018

    පානදුර කෙලින් වීදියේ වෙළෙදසැල ගින්නක් හේතුවෙන් වෙළදසැල් 3ක් විනාශ වී තිබේ.

    එක් වෙළදසැලක ගින්න හටගෙන ඇති අතර යාබඳ වෙළඳසැල් දෙකට ද ගින්න පැතිර ගොස් ඇති බවයි, පානදුර පොලීසිය පවසන්නේ. කළුතර, හොරණ, මොරටුව ගිනි නිවීමේ රථ යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩ පවත්වා තිබේ.

    ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැති අතර පානදුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News