දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

ඔක් 04, 2019

    දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) රාත්‍රී එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරිණ.

    ඒ අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් සහ එම සේවාවන් පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය වන දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු සියළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැළකෙනු ඇත.

    එමෙන්ම අදාළ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන සියලු වැඩ සහ ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ අත්‍යාවශ්‍ය සේවාවන් වේ.

    වර්ජනයේ නිරත වෘත්තීය සමිති අසාධාරණ ලෙස එය පවත්වාගෙන යාම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

    Latest News