යාපනය ගුරුනගර්වල අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්

ඔක් 04, 2019

    නාවික හමුදාව විසින් ඊයේ (03) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

    ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කොට එය පරීක්ෂා කිරීමේදි එහි තිබු ඇසුරුම් 04ක සුරක්ෂිතව අසුරා තිබු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 30 ක් සොයාගෙන ඇත. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.

    gurunagar 01

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 09:46

    Latest News