මාතර සිසුවා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

නොවැ 26, 2018

    මාතර පාසල් සිසුවා ඝාතනයේ 17හැවිරිදි ප්‍රධාන සැකකරු  අධිකරණයට භාරවීමෙන් පසු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

     

    මාතර උපකාරක පන්තියක් අසළ දී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද දහවල් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

    ඇල්වේල්ල පාර ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකුට පසුගිය (24) වැනිදා උසස් පෙළ සිසුවෙක් සහ තවත් සිසුන් පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමෙන් පසු  සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණි.  

    එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 05ක් විවිධ ප්‍රදේශවල මෙහෙයුම් සදහා පිටත් කර හැරීමට ද පොලිස් මූලස්ථානය කටයුතු කළේය.අද  දිනයේ ප්‍රධාන සැකකරු නිතිඥයෙක් මාර්ගයෙන් මාතර අතිරේක මහේස්ත්‍රාත් වෙත භාරවි ඇති බවයි පොලිසිය පවසන්නේ.

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 13:13

    Latest News