ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෙතෙක් පැවති සාකච්ඡාවලට සම්බන්ධ නොවූ පක්ෂයේ සාමාජික කණ්ඩායම් අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක් පැවැත්විණ. සියලු දෙනාගේම ඒකමතික තීරණය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇති.
ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේ දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය දැනුම්දීමේ බලය ද පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරුණ බව වාර්තා විය.