SLFP - පොහෝට්ටු සංධාන ගිවිසුම කඩිනමින්

ඔක් 07, 2019

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යයම කාරක සභාව තිරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දිමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසයි.

    ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය නගරයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය රැස්විම අමතමිනි.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම කඩි නමින් අත්සන් කරන බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය. ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව මහින්දානනන්ද අලුත්ගමගේ මහතා පෙන්වාදුනී.

    Latest News