වැසි සමඟ ජලාශවල ජල මට්ටම ඉහළට

ඔක් 10, 2019

    මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට සවස් කාලයේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.

    මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ වල ජල මට්ටම ඊයේ (10) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමට පිළිවෙලින් අගල් 18 ක් හා 12 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.

    මාවුස්සාකැලේ ජලාශය අක්කර අඩි 93400 ක් හා කාසල්රී ජලාශය අක්කර අඩි 68000 ක ජල ධාරිතාවකින් සමන්විත වේ.

    ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජලවිදුලි බලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ප්‍රධාන ජලාශ දෙකෙනි.

    waterlevels1 px 900 19 10 1

    Latest News