ගොවි ජනතාවට ගොවි ප්‍රඥප්තියක් - ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ඔක් 11, 2019

    කොළඹ ගාලු මුවදොර පිටියේ ඊයේ (10) සවස පැවැති මංගල ජනරැළිය ඇමතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා -


    රටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ප්‍රඥප්තියක් හදනවා. ගොවි ජනතාව වෙනුවෙන් එදා වේල පොරොන්දු දෙන්නේ නැහැ.

    මේ රටේ ගොවි පරපුර වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා, ගොවියාට ලබා දෙන හැම සහනයක්ම ලබා දීලා ගොවි පරපුරේ නිෂ්පාදනයට සහතික මිලකුත් ලබා දෙන්න කටයුතු කරනවා.

    කාන්තා පරපුර ඒ මාතෘත්වය පුජනීයත්වයෙන් දේවත්වයෙන් ඒ තැන ලබා දෙනවා. විදේශ විනිමය උපයා අපේ කාන්තාවන් ලබා දෙන ශක්තිය අමතක කරන්න බැහැ. අග්‍රවිනිශ්චයකාරවරියක්, අගමැතිවරියක් ජනාධිපතිවරියක් පත්වුනා. කාන්තා ප්‍රඥප්තියක් නිර්මාණය කරලා සමාජ ගිවිසුමකට එලැබිලා.

    කාන්තාවට හිමි ආර්ථික, සමාජීය මානව අයිතිවාසිකම් ශක්තිය වගේම 24 පැයේම ආරක්ෂාව ලැබෙන තත්ත්වය අපේ නව රජයෙන් ඇති කරනවා.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 15:19

    Latest News