අපි රටට වැඩ කෙරුවත් සද්ධ කලේ නැහැ: ඇමති අර්ජුන

ඔක් 15, 2019

    වර්තමාන අණ්ඩුව විසින් විශාල වැඩ ප්‍රමාණයක් සිදු ඇති බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අද ගම්පහ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රාජ්‍ය සේවකයාගේ 2015ට පෙර තිබූ වැටුපට වඩා අද වන විට වැටුප සියයට සියයකින් වැඩි කර ඇති බවත් සියලුම අංශවලට ඉතාමත් වැදගත් ලෙස සංවර්ධන ක්‍රමවේද ඇති කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුවේ ඇති එකම දුර්වලතාවය වන්නේ අණ්ඩුව විසින් සිදු කරන සංවර්ධනය සම්බන්ධයෙන් නිසි ප්‍රචාරනයක් සිදු නොකිරීම බවයි. පසුගිය රජය කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රචාරනයට විශාල මහජන මුදලක් නාස්ති කරමින් ප්‍රචාරන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බව ඔහු කියා සිටියේය. වත්මන රජය ප්‍රචාරනය වෙනුවෙන් මහජන මුදල් භාවිත කිරිම නොකළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    Latest News