තැපැල් ඡන්ද නාම ලේඛණ සහතික කිරීම ඊයේ (15) සිදු කෙරිණ. ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ ආරක්ෂක අංශයන්හි තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් 01 වැනිදා සිදු කිරීමට නියමිතයි.
නොවැම්බර් 04 වැනිදායි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට නියමිතව තිබේ. මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට නොවැම්බර් 07 වැනිදා ඒ සඳහා අවස්ථාව හිමිවෙයි.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා තැපෑලට භාරදීම ඔක්තෝම්බර් 25 වැනිදා දින සිදු කිරීමට නියමිතයි. නොවැම්බර් 03 වැනිදා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාදීමේ විශේෂ දිනයක් වෙයි. නිල ඡන්ද පති‍්‍රකා බෙදා හැරීම නොවැම්බර් 09 වැනිදා අවසන් කිරීමට නියමිතයි. මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් ධූරයට සමන් ශ‍්‍රී රත්නායක පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.