අගමැති වෙනස් කළාට අධිකරණයට පෙත්සමක්

නොවැ 27, 2018

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපති ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ.

    ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු සහ නීතිපතිවරයා නම් කර ඇත.

    ඔක්තෝබර් 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙත්සම් කරු පවසයි.

    මේ හේතුවෙන් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

    Latest News