එහි සභාපති අමාත්‍ය පී.හැරිසන් මහතා කියා සිටියේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. ඒ අනුව, ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට රුපියල් 5 දක්වා අඩුකර තිබේ. ආනයනික මාලු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 75කින් අඩු කෙරිණ. දැනට පවතින කුකුළු මස් සහ බිත්තර මිල පාලනයට ද පියවර ගැණින. ඒ අනුව, කුකුළු මස් සහ බිත්තර ආනයනයට නියමිතවේ. රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික් ටොන් 48,000ක් සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් මගින් සහල් කොටා සතොසට ලබාදීමට නියමිතයි. නාඩු සහල් කිලෝවක් රුපියල් 80කට ද සම්බා සහල් කිලෝවක් රුපියල් 85කට අලෙවි කිරීමට තීරණය කර තිබේ.