ආරක්ෂක මාණ්ඩලිය ප්‍රධානී අධිකරණය හමුවට

නොවැ 28, 2018

    තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකුට සහය දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු දැක්වීමට ආරක්ෂක මාණ්ඩලිය ප්‍රධානී අද්මිර් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

    ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත්‍ රංග දිසානායක මහතා රහස් පොලිසියට නියෝග කර තිබිණ.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට සැගවී සිටීමට ආධාර අනුබල දුන් බවට,රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල වී තිබේ. ඒ අනූව ඔහුව මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 09:38

    Latest News