මහනුවර - වලපනේ මංතීරුවක් වැසේ

නොවැ 28, 2018

    මහනුවර, වලපනේ මාර්ගයේ අඳාවල ප්‍රදේශයේ එක් මංතීරුවක් වසාදමා තිබේ. විශාල ගල් පර්වථයක් මාර්ගයට ඇද වැටීම නිසා, මාර්ගය වසා දැමීමට සිදුවූ බවයි, මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

    මෙම ගල් පර්වථය, මාර්ගයට ඉහළින් වූ වේල්ලක රැඳී තිබී ඇති අතර, පස් කණ්ඩියක් සමඟ පහළට තල්ලුවී තිබේ. ගල්කුලට පහළින් පිහිටි නිවසේ ජීවත් වූ පිරිස අවදානමට පෙර එයින් ඉවත්වී, ඥාතියෙකුගේ නිවසේ රැඳී සිටී. පවතින අධික වර්ෂාව නිසා, ගල් පර්වථය කඩා ඉවත් කිරීමට බාධාවක් පවතින බවයි, මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

    ප්‍රථමයෙන් ගල්කුළ ඉවත් කිරීමෙන් අනතුරුව පස් කණ්ඩිය ඉවත් කළ හැකි බවයි, ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

    Latest News