නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (25) තැපෑලට

ඔක් 25, 2019

    ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑල් දෙපාර්තමේන්තුවට භාරදීම අද (25) සිදු කෙරේ.

    නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම නොවැම්බර් මස 09 වැනි දිනෙන් අවසන්විමට නියමිතය.

    එදිනට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනිමේ හැකියාව ඇත.

    තැපැල් ඡන්ද විමසීම ලබන 31 සහ නොවැම්බර් මස 01 වැනි දින සිදු කිරිමට නියමිතයි.

    මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු ලබන මස 06 වැනි දිනට පෙර අවසන් කිරිමට සැලසුම්කර ඇති බව පැවසේ.

    ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ සංඛ්‍යාවක් මුද්‍රණය කෙරේ.

    Latest News