ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවන ලද “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙම පාසල් අවශ්‍ය පහසුකම්වලින් සමන්විතව සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජාතික පාසල් බවට පත්කිරීමට පියවර ගැනිණි. නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිලි ඉදිකිරීම, ක්‍රිඩා පිටි සංවර්ධනය, ශ්‍රවණාගාර සහ ප්‍රධාන ශාලා නවීකරණය, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු රුපියල් කෝටි 18කට ආසන්න මුදලක් වැය කරමින් එම පාසල්වල සිදුකෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම ද මේ හා සමගාමීව ආණ්ඩුකාරවරයා අතින් සිදු විය.
මෙහිදී සිසු දරුවන් ඇමතූ ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා කියා සිටියේ දැයේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිප ව්‍යාප්තව පුළුල් වැඩ කොටසක් ජනාධිපතිවරයා ඉටුකර තිබෙන බවයි. සංවර්ධනයෙන් අතපසු වූ පොළොන්නරුව ඓතිහාසික සංවර්ධනයකට ලක් කරමින් පුලතිසි ජනතාව වෙනුවෙන් වූ වගකීම ද එතුමා නිසි ලෙස ඉටුකර තිබෙන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.