සුදුසු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි; කතෝලික රදගුරු සම්මේලනය

ඔක් 30, 2019

    තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියළු දෙනා සමඟ ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් හා ධෛර්යවන්ත විය යුතු බව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

    එම සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. අනාගත ජනාධිපතිවරයා ඇතුළු රජය ආගමික නිදහස, ජාතික ආරක්‍ෂාව, ආර්ථික සංවර්ධනය සඳහා ස්වභාවික සම්පත් මනාව කළමනාකරණය කොට ජාතික ප්‍රතිපත්ති සකසනු ඇතැයි යන්න එම සම්මේලනයේ බලාපොරොත්තුවයි. දූෂණ සහ අක්‍රමිකතා මුලිනුපුටා දැමීමට දැඩි පියවර ගත යුතුයි. ඉදිරි මැතිවරණයේ දී උතුම් වූ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකමක් සේ සලකා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු කිතුණුවන්ගෙන් හා ලංකාවාසී ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටී. පත්වන්නා වු නව ජනාධිපතිවරයා සහ රජය සැබෑ සංවර්ධනයක් සඳහා රටත්, ජනතාවත් මෙහෙයවනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනාව යන්න එම නිවේදනයේ සඳහන්.

    Last modified on බදාදා, 30 ඔක්තෝබර් 2019 19:14

    Latest News