යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනය.
මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර, ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මකය.
අති නවීනතම තාක්ෂණික පහසුකම් වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධයි.
සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් මෙහි ඉදිකිරීම් කඩිනම් කෙරුණු අතර, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය හෙට ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇත.