නිහඩ කාලසීමාවේ දී පැෆ්රල් ෆේස්බුක් වාරණයක් ඉල්ලයි

නොවැ 13, 2019
    ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ෆේස්බුක් ආයතනයෙන් අද (13) ඉල්ලා තිබේ. 
    මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම ලිඛිතව සිදු කිරීමට පියවර ගත් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු වක්‍ර ආකාරයෙන් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතුවල නිරත වීමෙන් වැලකි සිටින ලෙස සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
     
    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 15:30

    Latest News