එම සියලු බස් රථ සඳහා මුදල් ලබා ගැනීමට පියවර ගෙන තිබේ. ලංගම ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 12න්ම මෙම බස්රථ ලබා දී ඇති අතර, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මැතිවරණ රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් රැගෙන යාම හා ගණන් කිරීම් අවසන් වීමෙන් අනතුරුව නිලධාරීන් නිවෙස් බලා ප්‍රවාහනය කිරීමට මෙම බස් රථ යෙදවීමට නියමිතයි. මීට අමතරව, පොලිස් නිලධාරීන් ප්‍රවාහනය සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ ඉල්ලුම් කර තිබේ.
තේරීම් බාර නිලධාරීන්ගේ අවශ්‍යතා මත බස් රථ අවශ්‍යනම්, ඒවා ලබා ගැනීමට හැකිවන අයුරින් කටයුතු සළසා ඇති අතර සියලු රථ මුදල් අය කර ගැනීමේ පදනම මත ලබා දෙන බවයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.