නව ජනාධිපතිවරයා සමග දෙරටේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව, පකිස්තාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ සාමකාමී අනාගතයක් කරා ගමන් කරනු ඇතැයි, පකිස්තාන රජය බලාපොරොත්තු පළ කරයි. එසේම නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ කැපවීම පකිස්තාන රජය අගය කර සිටියි.