එම මණ්ඩලය පෙන්වා දෙන්නේ, දෙරට අතර පවතින සෞභාග්‍යමත් සබඳතාවල නව පරිච්ජේදයක් උදාවනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පත්වීමෙන් අනතුරුව ඔහුට සුභපතමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ සමීපව ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බවයි. අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරවලට හිතකර ආයෝජන හා වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රවර්ධනයට නව ජනාධිපතිතුමා පියවර ගනු ඇති බවට ද අමෙරිකා වාණිජ්‍ය මණ්ඩලය විශ්වාසය පළ කරයි. අමෙරිකාව, ශ්‍රී ලකාවේ විශාලතම අපනයන හවුල්කරුවේ. ශ්‍රී ලංකාව 2018 වසරේදී අමෙරිකාවට අපනයනය කළ භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන තුනකට අධිකවේ.
මේ අතර මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊයේ හමුවී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. බංග්ලාදේශ මහකොමසාරිස්වරයා තම රජයේ සුභපැතුම් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.
නව රජයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා-මහමුද්-කුරේෂි මහතා සුභපැතුම් පිරිනමා තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍යවරයා සමඟ සමීපව ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බවයි.
නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් ග්යාවාලි මහතා ද ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍යවරයාට සුභපැතුම් එක්කරයි. කලාපීය හා අන්තර් ජාතික තලයේ දී පොදු අභිලාෂ වෙනුවෙන් නේපාල, ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කරන බව ඔහු කියා සිටියේය.