ක්‍රි.පූ.140 දී දුටුගැමුණු රජතුමන් ඉදි කරවන ලද රුවන්වැලි මහා සෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට, චූඩා මාණික්‍යය පැළැඳවීම අවසන් වරට සිදුවන්නේ 1939 වසරේදී. එම චූඩා මාණික්‍යය පළුඳුවී දුර්වර්ණවීම හේතුවෙන් රන්පාදමක් සහිත නව චුඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගැනිණ. නව චුඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණයයි.
ස්වභාවික නිල් මැණික්, රතු මැණික් ඇතුළු මැණික් ගල් 5,320ක් යොදාගෙන නිමවුනු රන් පාදන සහිත නව චුඩා මාණික්‍යයට යොදා ඇති පිරිසිදු රත්‍රං ප්‍රමාණය කිලෝ 28ක්. මෙම චූඩා මාණික්‍යය රුවන්වැලි මහසෑ රඳුන්ට පැළඳවීමට පෙර මහජනතාවගේ වන්දනාමානය සඳහා පසුගිය නොවැම්බර් 18 වැනිදා සිට කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක දී අවස්ථාව සළසා තිබිණ. එය ඊයේ දහවල් 12.00 දක්වා රුවන්වැලි පුද බිමේ දී ප්‍රදර්ශනය කෙරිණ. ඉන් අනතුරුවයි රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ඊයේ රුවන්වැලි මහසෑ රඳුන්ට පැළඳවීම සිදුකළේ.