මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැදවනු ලැබීය.
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් දෙසැම්බර් මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිරින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්යක්ෂවරයා සහ රහස් පොලිසියේ වාණිජ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාට විනිසුරුවරයා විසින් නොතීසි නිකුත් කළේය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඇප පෙත්සම දෙසැම්බර් මස 17 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය.
එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය අධ්යක්ෂවරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළේය.