2020 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරි 02 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතව තිබේ.
මධ්‍යස්ථාන 4,987කදී සිසුන් හත්ලක්ෂ 17,000ක පමණ පිරිසක් විභාගයට පෙනීසිටී.
මේ අතර, අද දින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.