කැලණිය ප්‍රදේශයේ පැවති ලංකාව පුරා වැඩසිටින සිල් මාතාවන්ගේ වාර්ෂික සම්මන්ත්‍රණ මාලාවකට සහභාගී වී නැවතත් රාත්‍රියේ ආරාමයට ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයි එම ස්ථානයට වැඩම කළ අනෙකුත් සිල්මාතාවෝ පැවසූහ.
අපවත් වූ සිල්මාතාවන් සිය ආරාමයට මීටර් සියයක් පමණ මෙහායින් අතුරු පාරකදි වන සිල්මාතාව අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිය ආරාමයට මීටර් 100ක් පමණ මෙහායින් වූ අතුරු පාරකදීයි. එම ප්‍රදේශයේ නිතර වන අලි ගැවසීම නිසා දැඩි භීතියට පත්ව තිබෙන බව ජනතාව චෝදනා කරති.
වනජීවී නිලධාරීන්ට මේ බව දැනුම් දුන්න ද කිසිදු විසඳුමක් මේවන විටත් ලැබී නොමැති බවයි, ඔවුන් පවසන්නේ. අපවත්වූ සිල්මාතාවගේ සිරුරට දැඩි හානි සිදුව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි, නාඋල පොලිසිය සඳහන් කරන්නේ.