අධික වැසි හේතුවෙන් දැදුරුඔයේ වාන් දොරටු 08ක් ක්‍රියාත්මකයි

දෙසැ 01, 2019

    අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අද (01) අලුයම සිට අඩි 03 ක් බැගින් විවෘත කල බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ආර්.ඩී.ඒ. දේශප්‍රිය මහතා පැවසීය.

    දොරටු අට විවෘත කිරීම හේතුවෙන් ජලාශයෙන් තත්පරයට ඝන අඩි 16500 ක් දැදුරුඔයට මුදා හැරෙන බවත් එය ගංවතුර තත්ත්වයක් නොවන බව ද ඔහු කියා සිටි.

    කෙසේ වෙතත් අද (01) සවස් වන විට ආරච්චිකට්ටුව පල්ලම වැනි ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියේය. අද දිනයේ ලැබෙන වැසි තත්වය අනුව දොරටු පාලනය කිරිමට නියමිතයි.

    ඊයේ (30) දිනයේදී කුරුණෑගල ප්‍රදේශයට මිලිලීටර් 180 කට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මගුරුඔයේ සහ දැදුරුඔයේ ජල මට්ටම ඉහලයාම වාන් දොරටු විවෘත කිරීමට හේතු වුයේය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 65000 කි.

    kothmaledam px 900 19 12 01

    මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රියව වාන් දොරටුව අද (01) අලුයම සිට විවෘත වි ඇත. ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (30) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ජලශයේ ජල මට්ටම ඉහල යාමෙන් වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටි.

    එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ ජලය පරිහරණය කරන ජනතාව සැලකිලිමත් වන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටි.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 12:47

    Latest News