මියයන විට ඔහු 91 වන වියෙහි පසු අතර, විශ්වවිද්‍යාල ක්ෂෙත්රයේ කීර්ති නාමයක් දිනාගත් මහාචාර්යවරයෙකුද වේ. රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා ලෙස ද සේවය කළ විනී විතාරණ මහතා සිංහල, ඉංග්‍රීසි මෙන්ම භාෂා කිහිපයක ප්රවීණතාවක් දැක්වූ පුද්ගලයෙකි. මයුර සංදේශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම විනී විතාරණ මහතා සිදු කළ විශිෂ්ට කර්තව්‍යයකි. ග්රන්ථකරණය පිළිබඳ සුවිශේෂි උනන්දුවක් දැක්වූ ඔහු සාහිත්‍ය, ඉතිහාසය, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, මෙන්ම ස්වයං චරිතාපදාන ඇතුළු විෂයන් රැසකින් පොත් රැසක් පළ කළ අයෙකි. අවසන් කටයුතු බදාදා සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.