සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට මන්ත්‍රීවරයා 57වන වියේ පසු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතය.
ඒ මහතා 2010 වසරේ මුල්වරට පාර්ලිමේන්තුවට තේරි පත් විය. විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පසුගිය කාලය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් කළ ඒ මහතා මිය යන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.
වැවිලිකරුවෙකු වු ඔහු 90 දශකයේ මුල්භාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 1997 අටකලන්පන්න ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ද 2002 වසරේදී එම ප්‍රදේශිය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. 2004 වසරේදී සබරගමු පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මන්ත්‍රිවරයෙක් ලෙස තේරි පත්වු ඒ මහතා එම පළාත් සභාවේ ඉඩම්, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ද ඉන් අනතුරුව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කරනු ලැබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කිරීමේ දි එතුමා පාර්ලිමේන්තුවේ තරුණ කටයුතු, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය. මුදිතා ජිනදාස මහත්මියගේ ස්වාමියා වු ඒ මහතා දෙදරු පියෙකි.