මාලක සිල්වාට එරෙහි පැමිණිල්ල 31 කැදවීමට නියෝගය

දෙසැ 05, 2019

    2014 වසරේ කොළඹ පිහිටියේ රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ යුවළකට පහරදී තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල මැයි මස 31වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ විමර්ශන අවසන් කොට වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන බවයි.

    නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව පැමිණිල්ල නැවත මැයි මස 31 වනදා යළි කැඳවීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 12:41

    Latest News